නිවාස වල වාස්තු විශ්ලේෂණය කල අවස්ථා

නිවසට ඇතුළු වූ සිරි දෙවිදූ පැල දොරෙන් පැන යාම

          සමමිතික බව කියන්නේ ඉතා බලවත් , විශ්ව න්‍යායන් තුලින් ලැබුන දෙයක්. නමුත් මෙම සමමිතිය අප ජීවත් වෙන නිවසට කෙසේ බලපායිද යන්න ඔබ දන්නවාද? මෙයින් සිදුවෙන නිවසේ හරි මැදට වන්නට රේඛීයව මුදුන් ලීය පිහිටීම දැඩි වාස්තු දෝෂයක් . නිවසක මරු ශූලම තිබෙන්නේ මෙම මධ්‍ය රේඛාව මතයි. මෙම රේඛාව මත ඉදිකිරීමත් , මුදුන් ලීය ගමන් කිරීමත් නොවිය යුතු දේවල්. ගෘහ මූලිකයාට විපාක දීම තරම් බල සම්පන්න මෙම දෝෂය උග්‍ර වෙන්නේ යට ලී මූට්ටුවක් , කුරුපාවක් මරුශූලම මතින් වැටුනොතින් . මාරකයක් වන මෙම දෝෂයෙන් යන්තම් හෝ ගැල උනොත් ඒ පෙර පිනක් නිසාමයි.

                

          01 රූපයේ ඇති නිවසේ මුදුනත් හරිමැද තිබුනත් ඉහත ආකාරයට උග්‍ර වී නොතිබීම වාසනාවක් . ඉතා ඉක්මනින්ම නිවැසියනට ගැලපෙන වර්ග ඵලයකින් එම දෝෂය ඉවත්කර අවධානම ඉවත් කර දුනි.

          මොවුන්ගේ ප්‍රධාන දොර තිබුනේ පීතෘ බිත්තියකටයි. මෙය මූලිකවම නොගැලපෙන්නේ දරු සම්පත් කෙරෙහි බලපෑම් කළහැකි නිසයි. අලුත් වර්ග ඵලය තුලට නව වැරන්ඩාවක් ගෙන සමමිතික හැඩතලයන් හා පීතෘ බිත්තිය වෙනස් කිරීම තුලින් මෙම දෝෂයන් ඉවත් කල හැකි උනා. ඔබේ නිවසෙත් මේ ආකාර දේවල් තිබේනම් කඩා බිඳ නොදමා ඊට පිළියම් යොදන්න පුළුවන් බවමතක තබා ගන්න.

          02 රූපය අපිරිසිදු ඊසානයේ ඔලුව අවුල් කිරීම

දිශාවන් හා ඒවාට ගැලපෙන අංග ගැන අවබෝධයක් නැතිව ගෙවල් හදනවා කියන්නේ හරියට පව් ගෙවනවා වගේ දෙයක්. මා එසේ කියන්නේ බොහොමයක් තැන් වල මේ විදිහට වරද්දලා දුක් විඳිනවා දකින නිසා. ඔලුව අවුල් කරන, නැති ප්‍රශ්න ඇති කරන නොගැලපෙන අංග තිබෙන අපිරිසිදු වූ ඊසාන දිශාව ඔවුන්ගේ ජීවිතයම නූල් බෝලයක් වාගේ හැම පැත්තෙන්ම පටලවා දමා තිබුනා.

03 රූපය නිවසට ඇතුළු වූ සිරි දෙවිදූ පැල දොරෙන් පැන යාම

ප්‍රධාන දොරෙන් ගෙට එනවිට කුස්සියේ දොරෙන් එලිය පේනවා කියන්නේ අත මිට මුදල් ඉතිරියක් නොවෙන අවාසනාවන්ත තත්ත්වයක්. මෙය විද්‍යාත්මකවත් ඇත්ත . මොකද නිවස තුලට එන බලවත් හිතකර ශක්තීන් මොහොතකටවත් නොරැඳී එක එල්ලේම ඉවත් වී යනවා විතරක් නෙමෙයි නිවසට ඇතුල් වෙන්නෙත් නැති තරම්. ඔබ මේ නිවසට ඇතුල් වන විට දැනෙන හැඟීම හිතට ගන්න. සත්‍ය එයමයි. කඩා නොබිඳ මේවා ඔවුන් වෙනස් කලේ නිවැරදි උපදෙස් පිළිපැදීමෙන්.

04 රූපය වැසිකිලිය ගෙබිමට වඩා උස්ව පිහිටීම

           

සාමාන්‍යයෙන් නිවසක උවමනාවෙන්ම පොලව උස්සන්නේ වටිනාකමක් සහිතව අලංකාරය පිණිස , එහෙම නැත්නම් ස්ථානීය ගෞරවයක් ලබා දෙන්න. වාස්තු වලදීත් මෙය එසේම විය යුතුයි. ජලනල , අපද්‍රව්‍ය නල ආදී සේවා පහසුකම් වෙනුවෙන් පිහිටි පොලව ඉස්සීම කල යුත්තේ වාස්තු විද්‍යාවට අනුවයි. නිවසේ සාලය ආදී මූලික තැන් වලට වඩා කුස්සිය හෝ වැසිකිලිය පමණක් ඔසවා තැබීම අයහපත් දෙයක්. මෙම නිවසෙත් වැසිකිලිය තිබුනේ ඉහලම තැනයි. රෝග පීඩාවන් බොහෝමයක් ඇති වෙන්න හේතු වන දෝෂයක් තමයි මේක. නිවැරදි කරුණු මත ගොඩ නැගෙන ගෘහය එක් එක් කුලයන්ට අයිති වෙනවා.  අංග විකෘත්ති වූ කුලහීන නිවාස ගැන පසුවට දුක් වී දෝෂ නැතිකරගන්නට කඩා බිඳ පාඩු සිදු කරගැනීම මහා අපරාධයක්.

          වාස්තු විද්‍යාවට අනුව, නිවසක දෝෂ ඉවත් කර ගැනීමට  කොටස් කඩා දැමූවත් , කඩ කඩා කෑලි පිරිද්දීම කියන්නේ වාස්තු නෙමෙයි. මේ ගැන හිතලා මුලදීම හරියට වැඩ කලොත් වරදින තැන් අඩුයි.

 

                                                                            

                                                                             සිවිල් ඉංජිනේරු ,

                                                                             ප්‍රවීන වාස්තුවිද්‍යාවේදී ,

                                                                             දේවිකා ජයකොඩි .

                                                                             0724997532

‹ පෙර 1 පසු ›