• Language

ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේස්ත්‍රයේ ඇති දැවැන්ත සමාගම් රාශියක විධායක තනතුරු දරමින් සේවය කල අවධියේ මා හට හැගී ගිය එක්  දෙයක් තිබුණි . එනම්,“ ඉදිකිරීම් ක්ෂේත්‍රය ” යනු මහජනතාව හරි හැටි තේරුම් නොගත් , ඒවාගේම හරි අවබෝධයක් නොමැතිව වැඩ කටයුතු කල හොත් සේවා ලාභියා අසාධාරණයට ලක්විය හැකි ක්ෂේත්‍රයක් බව.

ඉදිකිරීමේදී යන වියදම් අවම වන ආකාරයට කටයුතු කිරීමත් , ඔවුන් ඒ පිලිබඳව දැනුවත් කිරීමත් ඉතා අවශ්‍යයි. මෙමගින් ඉතිරි වන මුදල් ඔවුන්ගේම කටයුතු සඳහා තවදුරටත් යොදා ගත හැකිය . කෙටියෙන් පැවසුවහොත් අඩු වියදමකින් උසස් තත්වයෙන් උපරිම ඉදිකිරීමක් සැලසුම් කිරීමයි අවශ්‍ය වන්නේ .

    » වාස්තු විද්‍යාවට අනුව දෝෂයක් නොවී යහපත්ව ජීවත් වීමට හැකි වන නිවසක් සැලසුම් කිරීමත් .........
    » ජ්‍යොතිෂ විද්‍යාවට අනුව නිවසේ ඒ ඒ කොටස් ආරම්භයේදී නිවැරදි නැකත්     සෑදීමත් ......

මෙම විද්‍යාවන් සියල්ල ඉංජිනේරු විද්‍යාව හා සම්බන්ධ කර ගනිමින් “ ඉදිකිරීමකට එහා යමක් ” යන සංකල්පය පෙර දැරි කර ගෙන ජනතාවගේ යහපත වෙනුවෙන් කටයුතු කිරීම අප ආයතනයේ බලාපොරොත්තුවයි.

අතේ ඇති මුදලට තත්වයෙන් උසස් ඉදිකිරීමක් කෙටි කාලයකදී විශ්වාසවන්තව ඔබට ලබා දීම අපේ ඒකායන අරමුණයි .

දේශමාන්‍ය , දේශබන්ධු , දේශකීර්ති , කිර්ති ශ්‍රී , ශ්‍රී ලංකාභිමානි , ජ්‍යොතිර් විද්‍යා ශූරී , වාස්තු විද්‍යාපති , වාස්තු විද්‍යා පණ්ඩිත් (ඉන්දියා) , වාස්තු විද්‍යා විශාරද , විද්‍යා කීර්ති පණ්ඩිත.

සිවිල් ඉංජිනේරු , ප්‍රවීණ වාස්තු විද්‍යා ලේඛක හා උපදේශක.
ආචාර්ය ගයාන් එරමුදුගොඩ

“ සැමට වාසනාවන්ත නිවසක් ”

නිවසක් ඉදිකිරීමට “ මුදල” ප්‍රධාන උනත්  , සාර්ථක නිවසක් ඉදිකිරීමට මුදල ප්‍රධාන නොවේ . අඩු මුදල් ප්‍රමාණයකින් නිවසේ වැඩ පටන් අරගෙන ඉතා කෙටි කාලයකින් අවසන් කර පදිංචි වූ අයත් , සල්ලි තියාගෙන ගේ පටන් අරගෙන වැඩ ඉවර කර ගන්නට නොහැකිව සිටින අයත්ඕනෑ තරම් අප අතර සිටිනවා . මෙහෙම වෙන්නේ ඇයි ?     ඕනෑම දේකට පිළිගත් ක්‍රම වේදයක් , සම්මතයක්, සම්ප්‍රධායක් තියෙනවා . මේවාට ගරුකරමින් , පිළිපදිමින් තමාගේ ඉදිකිරීම් කටයුතු සිදු කරගන්නා පුද්ගලයා අවම ගැටළු ප්‍රමාණයකට මුහුණ දී ජයග්‍රහණය මුදුන් පත් කර ගනියි.

මුදලටම  සීමා නොවුණු , සෑම අතින්ම නිවැරදි නිවසක් ඔබට තිලින කිරීමේ අරමුණ හිතට ගත්, එය ඔබට යථාර්තයක් කර දීමේ යුතුකම අපගේ වගකීම කරගත් , ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අත්‍යාවශ්‍ය සේවාවන් රාශියක් ඔබට තිලින කරන , අසමසම අප ඉදිකිරීම් සමාගමෙන් වාස්තු විද්‍යානුකූල ගෘහ  නිර්මාණ ශිල්පය, නැකත් සෑදීම ආදී ජ්‍යොතිෂ කටයුතු , ඉදිකිරීමකදී කරනු ලබන සිරිත් විරිත් - පුද පූජා ක්‍රම ආදිය පිළිබඳව නොමිලේ උපදෙස් හා එම කටයුතු සිදුකරදීම , අඩු වියදම් නිවැරදි ඉදිකිරීම් ක්‍රම ගැන ඔබව දැනුවත් කිරීම හා සියළුම දේ එකම වහලක් යටදී ඉටු කරගැනීමට අප හා එක්වන්නට ඔබට ගෞරවයෙන් කරන ආරාධනයයි.....!

දේශබන්ධු , කීර්ති ශ්‍රී , ශ්‍රී ලංකාභිමානී , වාස්තු විද්‍යා ශූරී , වාස්තු විද්‍යා ප්‍රසාදිනී පණ්ඩිත් ( ඉන්දියා ) , ජ්‍යොතිර් විද්‍යා විශාරද , විද්‍යා කීර්ති ,

සිවිල් ඉංජිනේරු , ප්‍රවීණ වාස්තු විද්‍යා ලේඛක හා උපදේශක
ආචාර්ය දේවිකා ජයකොඩි

මහජනතාව වෙත සමීපව ඔවුන්ගේ ඉදිකිරීම් අවශ්‍යතාවය තව දුරටත් ශක්තිමත්ව , විශ්වාසවන්තව ඉටුකිරීමේ අරමුණින් 2003 වසරේ මාර්තු මාසයේ Gamma Engineering Company නමින් අප ඉදිකිරීම් ආයතනය ස්ථාපිත විය. දශක එකහමාරකට ආසන්න කාලයක් ශ්‍රී ලංකා වාසීන්ගේ නිවාස සිහිනය යථාර්තයක් බවට පත් කරමින් එන ගමනේ , ඔවුනට මහඟු සේවයක් ක්ෂේත්‍ර කීපයකින්ම සලසන්නට අප හට හැකි වීම අප ලද විශිෂ්ඨ ජයග්‍රහණයයි . නිවාස, ව්‍යාපාරික ස්ථාන ආදී ඕනෑම ඉදිකිරීමක් සඳහා අවශ්‍යවන ඉංජිනේරු විද්‍යා ප්‍රවීණත්වයට අමතරව , ඒ හා සම්බන්ධ වන වාස්තු විද්‍යාව , ජ්‍යොතිෂ විද්‍යාව යන මාහැඟි ක්ෂේත්‍ර සියල්ලම එකතු කර සේවා ලාභියා වෙනුවෙන් ලබා දෙන සිවිල් ඉදිකිරීමකට තවත් වටිනාකමක් එකතු කිරීම අප සමාගම සතු අසම සම සුවිශේෂී ගුණාංගයයි .

“Construction Through  Utmost Sciences” ..... ඉදිකිරීමක් යනු හුදෙක් තාක්ෂණ විද්‍යාව පමණක් නොවේ . ව්‍යාපාරික ස්ථානයක් නම් එහි හිමිකරුගේ කේන්ද්‍ර විස්තරත් , නිවසක් නම් පදිංචි සැමගේ කේන්ද්‍රත් අනුව සැමට ගැලපෙන අයුරින් ජ්‍යොතිෂයත්, වාස්තු විද්‍යාවත් මුසු කරන ලද තාක්ෂණ විද්‍යාව අති විශිෂ්ඨයි . එයින් නිම වෙන ප්‍රතිඵලය තවත් එක් ව්‍යාපාරික ස්ථානයක් හෝ තවත් එක් නිවසක් පමණක් නොවේ . ව්‍යාපාර, රැකියාව හා උසස්වීම් , අධ්‍යාපනය, පවුල් ජීවිතය යනාදී ඔබේ ජීවිතයේත් , පවුලේඅයගේත් ක්ෂේත්‍රයන් ගණනාවක් සඳහාම යහපත් ප්‍රතිඵලයක් අත්කරදෙන වාසනාවන්ත ස්ථානය බවට පත්වේ . ශ්‍රී ලංකාව තුල ඇති ඉදිකිරීම් ආයතන අතුරින් සැලසුමේ සිට ඉදිකිරීම් අවසානය දක්වාම වාස්තු විද්‍යාත්මක අවශ්‍යතාවන් සියල්ලමත් , ජ්‍යොතිෂ අංශයෙන් නිවසේ වැඩකටයුතු පටන් ගැන්ම සඳහා අවශ්‍යකරන නැකත් හා එම චාරිත්‍රවිධි පිලිබඳ දැනුවත් කිරීමත් , ඒවා ඉටුකර දීමත් , ගොඩනැගිළි ඉදිකිරීමට අමතරව අප ආයතනයෙන් ලබාදෙන සුවිශේෂී සේවාවන් වෙයි.

උසස් මට්ටමකට ගෙන දශක එකහමාරකට ආසන්න කාලයක් , ඉදිකිරීමෙන් ඔබ්බට සේවා ලාභියාගේ ජීවන තත්වය ඒමට “තුන්ඈඳුතු ” විද්‍යාවන්ගෙන් කළ පෙළහර තවදුරටත් ඉදිරියටම කරගෙන යාම අපගේ ඒකායන අරමුණයි.

“ අපේ දිනුම ඔබේ දියුණුවයි ”

  1. සිවිල් ඉංජිනේරු ක්ෂේත්‍රයේ කල මෙහෙවර වෙනුවෙන් ලෝක මහා සංඝාශීර්වාදාත්මක මහා සංඝ සභා සම්මත සම්මාන උපාධි පදනම ඒකාබද්ධ ජාතික සම්මාන උපාධි සරසවි ආයතනය මගින් 2013 වසරේදී “ දේශබන්ධු ” ගෞරව සම්මාන උපාධි සන්නස් පත්‍රය ප්‍රදානය කරන ලදී .
  2. වාස්තු විද්‍යාව වෙනුවෙන් කරන ලද මෙහෙවර උදෙසා ශ්‍රී ලංකා නිදහස් ජ්‍යොතිෂ විද්‍යාඥ සංසදය මගින් 2013 වසරේදී “දේශ කීර්ති , ජ්‍යොතිෂ විද්‍යා - වාස්තු විද්‍යා ප්‍රසාද සම්මානී ” ගෞරව නාමයන් ප්‍රදානය කරන ලදී .
  3. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කල මෙහෙවර වෙනුවෙන් 2014 වසරේදී ජාතික සමගි සංගමය මගින් “කීර්ති ශ්‍රී ශ්‍රීලංකාභිමාණී, දේශමාන්‍ය, විද්‍යා කීර්ති පණ්ඩිත ” යන ගෞරව නාමයන් පිළිගන්වන ලදී.
  4. ජ්‍යෝතිෂ විද්‍යාවෙන් , වාස්තු විද්‍යාවෙන් , ජනතාවට කරන මෙහෙවර උදෙසා ජාතික සමගි සංගමය මගින් “ ජ්‍යෝතිෂවිද්‍යාශූරී, වාස්තු විද්‍යා විශාරද ” යන ගෞරව නාම සන්නස් පත්‍රයන් ප්‍රදානය කරන ලදී .

“වාස්තු” යනු කුමක්ද ?

“වාස්තු” නම් වාසයට සුදුසු යන්නයි . අවුරුදු දහස් ගණනක් පැරණි මෙම විද්‍යාවේ සත්‍යතාවය පරීක්ෂණයෙන් , නිරීක්ෂණයෙන්, නිගමනයෙන් තහවුරු කර හමාරයි . එවන් වූ වටිනා විද්‍යාවක උපකාරය ලබාගෙන ඉදිකරන්නා වූ නිවසකින් එහි නිවැසියන්ට තමුන්ගේ ජීවිත සාර්ථක කරගෙන , නිදුක් නිරෝගීව සිටීමට ලැබෙන පිටිවහල අතිමහත්. ඉතා විශාල පරාසයක ව්‍යාප්ත වුන මෙම වාස්තු විද්‍යාව  , ඉඩමක් දෝෂ රහිත කර ගැනීම , ඉඩම තුල නිවස ස්ථාන ගත කිරීම , අත්තිවාරමේ සිට මුදුන් උළු කැටය දක්වාම දෝෂ රහිතව ඉදිකිරීම් සිදුකරගන්නා ක්‍රම ආදියෙන් පෝෂිතයි . ජීවිතයේ සෑම අංශයක් කෙරෙහිම ඍජුවම බලපාන ස්ථානය තමාගේ නිවසයි .  දෝෂ නොවන සේ , වාස්තු විද්‍යානුකූලව නිවැරදිව ඉදිකරගන්න නිවසින් ඔබගේ සිතුම් පැතුම් ඉටුකරගෙන නිරෝගීව සිටීමට හැකිවේ .

ඔබගේ අධ්‍යාපනය , රැකියාව, විවාහය, ගෘහ වාසනාව ආදී ජීවිතයේ සියලු පැතිකඩයන් කේන්ද්‍රයෙන් විග්‍රහ කළ හැකියි . වාස්තු විද්‍යාවත්  , ජ්‍යොතිෂයත් එක් තැනකදී එකට සම්බන්ධ කර ගනිමින් ඔබගේ හඳහනට අනුව ගැලපෙන නිවසක් ඉදිකර ගැනීම ඉතා යහපත් . ඔබ කුමන ව්‍යාපාරයක , වෘත්තියක නියළුනත් අවසානයේදී බිරිඳ - සැමියා- දුවා- දරුවන් සමග ගත කරන්නේ ඔබ ඉදිකරන නිවස තුලයි . එම නිසා ඔබ ජීවත්වන නිවස ඔබගේත් පවුලේ අයගෙත් දියුණුව , යහපත පිණිසම වන දිව මාළිගයක්ම විය යුතුයි .

ජ්‍යෝතිෂයේ වැදගත්කම

ජීවත්වන අප සැමටම කේන්ද්‍ර සාදා නැත . නමුත් උපන් වෙලාවක් ඇත. ඔබ උපන් වෙලාවේ ග්‍රහ තරු රාශීන් පැවති ස්ථානයන් මුල් කරගෙන ඒවායින් ඔබේ උපතට සිදුකලාවූ හොඳ- නරක බලපෑම් ආදිය සලකා සෑදූ ඔබේ දිවියේ ප්‍රතිබිම්භය “කේන්ද්‍රයයි” . නිවැරදිව පිළියෙළ කලාවූ කේන්ද්‍රයකින් ඔබේ දුර්වල තැන් හඳුනාගෙන ඒවාට කළයුතු පිළියම් ආදිය දැන ගැනීමටත්, ඔබ කරන්නාවූ  දේ බාධක වලින් තොරව සාර්ථකව කර ගැනීමට තව දුරටත් සිදුකල යුතු ක්‍රියාවන් පිළිබඳවත් කේන්ද්‍ර සටහන් විශ්ලේෂණයෙන් දත හැකියි .

විශේෂයෙන්ම ජීවිතයේ සෑම අංශයකම සාර්ථකත්වයට මුල් වන ඔබ පදිංචි නිවසේ , වර්ගඵලය නිසි ආකාරයෙන් ගණනය කරීමටත් ඔබේ කේන්ද්‍රයේ “උපන් නැකත් ” අවශ්‍ය වෙයි . එම නිසා ඉදිකිරීම් ක්ෂේත්‍රයේදී අවශ්‍ය වන වාස්තු විද්‍යාවට ජ්‍යෝතිෂයෙන් ලැබෙන සහය ඉතා විශාලයි.